ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය අද (06) ආරම්භ කෙරේ.
අද සිට දිනපතා පෙරහර පැවැත්වෙන අතර, අවසාන මහ පෙරහර 21 වැනිදා වීදි සංචාරය කෙරේ. 22 වැනිදා අලුයම මැණික් ගඟේ දිය කැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වීමට නියමිතය.
උත්සව සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලුම පොදු පහසුකම් සැලසීමට කටයුතු කර ඇතැයි කඳවුරු භාර නිලධාරී, මොනරාගල දිසාපති පසන් රත්නායක මහතා පවසයි.
බැතිමතුන්ගේ ආරක්ෂාවට ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, ජල සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමට ද ඔවුන් විසින් කටයුතු යොදා ඇත.
සබැඳි පුවත්:
කතරගම යන බැතිමතුන්ට නිවේදනයක්