විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹී ඇති බවයි වාර්තා වේ.
ඒ අනුව හෙට (16) සිට සරසවි සමාන්‍ය පරිදි විවෘත කර රාජකාරි කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇත.
වැටුප් කප්පාදුව නිවැරදි කර ගැනීම සහ මාසික හිලවු දීමනාව ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයේ නිරතව සිටියහ.