පුවත්

අනුරගේ කාර්යාලයක් ගිනිබත් කරලා! (වීඩියෝ)

Published

on

ජාතික ජන බලවේගයේ මීරිගම බොකලගම මැතිවරණ ප්‍රචාරක කාර්‍යාලයට ගිනි තබා ඇතැයි පල්ලෙවෙල පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ කිසියම් පුද්ගලයකු ප්‍රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්‍රචාරක පුවරුවලට ඊයේ (28) පස්වරුවේ ගිනි තබා ඇති බවයි.

ගින්නෙන් ගොඩනැගිල්ලට ද සුළු අලාභානී සිදුවී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ වන විට හදුනාගෙන ඇති බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පැවසීය.

Trending

Exit mobile version