එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
ඊයේ (20) ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ සේ මේ හේතුවෙන් ඊට සහභාගී වූ ලාංකික ප්‍රජාවගේ ගෞරවයට හානියක් වී ඇති බවය.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ මෙම රැස්වීමට සහභාගී වූ පිරිසට ගමන් පහසුකම් හා ආහාර නොමිලේ ලබාදීමෙන් ඔවුන්ට අපහාසයක් සිදුවූ බවයි.
ලන්ඩන් ජනතාව අතර බෙදා හැරි පත්‍රිකාවක්ද මාධ්‍ය වෙත පෙන්වමින් රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නේ ලන්ඩන් නුවර ගෞරවාන්විතව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානයට මෙය කැළලක් බවය.