පුවත්

අමුණුගම දිලිත්ව හැර යයි

Published

on

දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී තිබේ.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (27) භාර දුන් බව සඳහන්ය.

ආචාර්ය සරත් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරය හෙබවූයේය.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඊයේ (27) පිහිටුවනු ලැබූ අතර ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක්ම එක්විය.

සබැඳි පුවත්:

Trending

Exit mobile version