පුවත්

අයිස් කාරයෙක් වූ CIDයේ PC

Published

on

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියන රහස් පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු ආදුරුප්පුවීදිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්   සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසල රැඳී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂාකර බැලීමේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු දැයි යන්න සොයා ගැනීමට ඔහු වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂාකර බැලීමට ද පොලිසිය කටයුතු යොදා ඇතැයි පැවසේ.

Trending

Exit mobile version