ගෘහ සේවය සඳහා බව පවසමින් මෙරට තරුණ කාන්තාවන් ඩුබායි සහ ඕමාන් යන රටවලට ගොස් ගණිකා සේවයේ යොදවන ජාවාරමකට සම්බන්ධ බව කියන දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකාරියගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අධිකරණය ඊයේ (03) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ ඒකකය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආශා දිසානායක නමැති සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ එලෙස නියෝග කළේය.
මෙම මහා පරිමාණ ගණිකා ජාවාරමට සම්බන්ධ තවත් විදේශ රැකියා නියෝජිතායතන 7 ක් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙලෙස විදෙස් රැකියා සඳහා ගොස් එම රටවල අතරමංවී විවිධ තාඩන පීඩන, ලිංගික අතවරවලට ලක්වූ කාන්තාවන් 50 ක් පමණ තානාපති කාර්යාලවල රැකවරණ මත රැඳී සිටින බවත්, එම කාන්තාවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණය වෙත කරුණු වාර්තා කළ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.