පුවත්

අවුරුදු දා අනතුරු බහුලයි

Published

on

සිංහල අලුත් අවුරුද්ද උදාවූ පෙරේදා (14)  දිනයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරන ලදී.

පොලීසිය විසින් සඳහන් කරන පරිදි  මෙම අනතුරු 8න් 05කට හේතුව නම් මාර්ගයේ වාහන ලිස්සා යාමයි.

මේ බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බව පොලිසිය විසින් පෙන්වා දෙනු ලබයි.

එබැවින් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version