ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතාව කොළඹ දී අද ( 02) පැවැත්වේ.
විරෝධතාකරුවෝ මරදානේ සිට කොටුව දුම්රිය පොළ දක්වා පෙළපාලියකින් ගමන් කිරීමට සැලසුම් කර තිබේ.
සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විරෝධයට එක් වන බව දැනටම ප්‍රකාශ කර තිබේ.
පෙළපාලිය අද පස්වරු 03.00ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර තිබේ.