පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් කොළ එළියක්

Published

on

සහනදායි ලෙස අරමුදල් සපයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමට අවස්ථාව ලැබෙතැයි ආසියානු සංවර්ධන බැංකුව පැවසීය.

එසේම එමගින් දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකිවෙතැයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කීය.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පියවර ගත් බවද අදාල නිවේදනයෙහි දැක්වෙයි.

Trending

Exit mobile version