ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත්නො ලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර සිටී.
රෝහල් දෙකක නිර්වින්දන ඖෂධයක් සම්බන්ධයෙන් මතුවූ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් අද (22) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් වල ප්‍රශ්නයක් මතුවී තිබෙන බවත්, අධිකරණය විසින් ගන්නා සමහර තීන්දු වලින් සෟඛ්‍ය අමාත්‍යංශයට බලපෑම් ඇති වී තිබෙන බවත් එහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින් කියා සිටියේය.
තවද අමාත්‍යවරයෙකු ලෙස මේ සම්බන්ධව කටයුතු කිරීමට තමාට හැකියාවක් නැත්තම් එය සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක් බවත් කුමන හේතු දැක්වුවද එම අඩුපාඩුවල වගකීම තමන්ට භාර ගැනීමට සිදු වන නිසා තවදුරටත් තනතුරු දැරීමට බලාපොරොත්තු නොවන බවත් එතුමා තරයේ ප්‍රකාශ කර සිටියේය.