පුවත්

ඇමරිකාව එරෙහි වෙද්දී ශ්‍රි ලංකාවේ ඡන්දය පලස්තීනයට

Published

on

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ද ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවට හා එහි පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ධනාත්මකව සිතන ලෙස නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර ඊට පක්ෂව ඡන්දය දුන් රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 77 ක සම අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත් ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්මත වූයේ වැඩි ඡන්ද 134 කිනි.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු සාමාජිකයින් 143 ක් ඡන්දය ප්‍රකාශ කල අතර විපක්ෂව 9 ක් ඡන්දය ප්‍රකාශ කලහ. එමෙන්ම තවත් සාමාජිකයෝ 25 ක් ඡන්දය ප්‍රකාශයෙන් වැළකී සිටියහ.

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මෙම යෝජනාව ඉදිරිපත් වූයේ පසුගිය මාසයේ දීය.

යෝජනාව ඉදිරිපත් වෙත්ම ඇමරිකාව තම නිශේෂ බලය යොදමින් එය පරාජය කල අතර මෙවර ද යෝජනාව වෙනුවෙන් විපක්ෂව ඡන්දය භාවිතා කල රටවල් අතර ඇමරිකාව හා ඊශ්‍රයාලය ද වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීමේ තීරණය ගැනීමේ බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සතුවය.

පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් මෙම යෝජනාව ඉදිරිපත් වීම සිදුවිය. නමුත් ඇමරිකාව එහිදී ද තම ඡන්දය භාවිතා කලේ විපක්ෂව ය.

යෝජනාව සම්මත වූ නමුත් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය හිමිවීමක් සිදු නොවීය. නමුත් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් ඇතිබව හඳුනා ගැනීම හඳුනා ගැනීම සිදුවිය.

එම තත්ත්වය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල වැඩි සහභාගීත්වයකට හා වැඩි අයිතිවාසිකම් වලට පලස්තීනය හිමිකම් කියන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කරන ලදී.

Trending

Exit mobile version