බිත්තර මිල පාලනය කිරීම වෙනුවෙන් මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සතියේදී ලැබීමට නියමිත බව වාර්තා වේ.
බිත්තර නිෂ්පාදකයන් විසින් අඛණ්ඩව බිත්තර මිල ඉහළ දැමීම නිසා ජනතාවට සහනයක් ලබාදීම පිණිස බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරන ලදී.
ඒ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය.
ආනයනික බිත්තර රුපියල් 45 කට අඩු මිලකට ලබා දීමට රජය අදහස් කර තිබේ.
කෙසේ වෙතත් බිත්තර ආනයනය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයන් දැඩි විරෝධය පළ කර ඇති අතර ඔවුන් පවසන්නේ තමන්ට සහන ලබා දෙන්නේ නම් අඩු මිලකට බිත්තර ලබා දිය හැකි බවයි.