අත්‍යවශ්‍ය සැකකරුවෙක් ලෙස ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් නම් කර තිබූ ISIS ත්‍රස්තවාදියෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ (NIA) නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් පසුව එම ත්‍රස්තවාදියාව අද (02) නව දිල්ලි හි සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෂානාවාස් හෙවත් ෂාෆි උස්සාමා නම් ත්‍රස්තවාදියෙකු බව විදෙස් මාධ්‍ය පවසයි.