සැළසුම් කර තිබූ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන නෞකා සේවය හෙට (14) සිට ආරම්භ වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුව මගී ප්‍රවාහන නෞකා සේවය ක්‍රියාත්මක වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරයි.
ඒ අනුව නෞකා සේවයේ සමාරම්භය සටහන් කරමින් ඉන්දියාවේ සිට මගීන් 100ක් රැගත් නෞකාවක් කන්කසන්තුරේ දක්වා පැමිණෙනු ඇත.
මෙය ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් හා මෙරට යාපනයේ කන්කසන්තුරේ සමඟ සම්බන්ධ වන අතර යාත්‍රා කිරීම සඳහා පැය 3ක කාලයක් ගතවනු ඇත.