පුවත්

ඉන්දු ලංකා මගී බෝට්ටු සේවය කල්දාලා

Published

on

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ වීම ප්‍රමාද වනු ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.

අමාත්‍යවරයා ජනාධිපති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

 ඉන්දියාව ඒ සඳහා තෝරාගෙන ඇති තිබූ වරාය වෙනස් කිරීම නිසා මේ තත්ත්වය ඇතිව ඇතැයි අමාත්‍යවරයා කියා සිටී.

මේ වන විට ඉන්දියාව විසින් ඒ් සදහා තෝරාගෙන ඇති නාගපට්නම් වරායේ පහසුකම් වැඩිකිරීමට තවත් දින කිහිපයක් ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

පලාලි ගුවන් තොටුපපොළේ ධාවන පථය කුඩා වීම හේතුවෙන් විශාල මගීන් 65කට අධික පිරිසක් රැගත් ගුවන් යානා ගොඩබෑමේ ගැටලු පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර, මත්තල ගුවන් තොටුපොළ සඳහා ආයෝජකයින් 19 දෙනෙකු ඉදිරිපත්ව සිටින බවද ඔහු කියා සිටී.

Trending

Exit mobile version