අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පසුගිය 02 වනදා පැවති විරෝධතාවය අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු පාසල් සංවර්ධන නිලධාරින් 04 දෙනා ඇප මත මුදා හැර තිබේ.
ඒ ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
විරෝධතාව අතරතුරදී එහි සිටි පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලැබූ අතර කැපුම් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගත කළහ.
එහිදී පාසල් සංවර්ධන නිලධාරින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.