පුවත්

ඊ.පී.එෆ් පොලිය ඉහළට

Published

on

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය  13% ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මීට පෙර සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලැබුවේ 9% ක පොලියකි.

එම 9% සිට 13% දක්වා ඉහළ නැංවීම සිදුවේ.

යටියන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය 9% ක් දක්වා අඩු කළ බවත් සේවක අර්ථසාධක අරමුදල 2023 වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම හේතුවෙන් එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමූ බවය.

මේ වන විට සේවක අර්ථසාධක අරමුදල යටතේ සාමාජිකයින් ලක්ෂ 27ක් ලියාපදිංවී ඇත.

Trending

Exit mobile version