පසුගිය 10දා පැවැත්වුණු අ.පො.ස. උ / පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්ණ පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම ප්‍රශ්ණ පත්‍රය, විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට පළවූ තොරතුරු තහවුරු වන කරුණු අනාවරණය වී ඇති බව මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
මෙම ප්‍රශ්ණ පත්‍රයට අදාල විභාගය යළිත් පැවැත්වෙන දිනය පිළිබඳව පසුව දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.