මේ අතර, මේ සතියේ බ්‍රහස්පතින්දා (11) දින විවාදයට ගැනීමට නියමිතව තිබු ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය වෙනුවට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට අද (9) පෙරවරුවෙ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තීරණය වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.
ඒ අනුව හෙට සහ අනිද්දා (මැයි 10 සහ 11 දෙදින) පෙ.ව 9.30 – ප.ව 6.00 දක්වා විපක්ෂය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව එම විවාදය පැවැත්වෙනු ඇත.