එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී අල්ලස් ලබාගත් බව කියන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට පොලිසිය තීරණය කර තිබේ.
‘‘අදාළ වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව හා මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරනු ලබන විදේශ නීතිඥ ආයතන සමග එක්ව කටයුතු කරමින් සිටිනවා.නමුත් මේ සඳහා ඇතැම් පුද්ගලයන් විසින් අල්ලස් ලබා ගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා. එලෙස අල්ලස් ලබාගත් ඕනෑම තරාතිරමක පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. එම පුද්ගලයන්ගේ නම්, බැංකු ගිණුම්, ස්ථාන ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.’’ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නඩු පැවරීමේ කටයුතු සාගරය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කරනවා. මීට වඩා බරපතළ නඩු සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙන හෙයින්, කාලවරෝදය සම්බන්ධව පවතින නීතිමය තත්ත්වය අනුව නඩු පැවරීමට අදාළ කාලය ඉක්මවා යෑමට පෙර වන්දි ලබා ගැනීම පිළිබඳ නඩු ජාවාරම අනිවාර්යෙන්ම සිදු කරනවා’’ යැයි අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(අරුණ)