රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා භාරකරු වන සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර දෙකක් මත මුදා හරින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා අද (19) නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (19) දහවල් ඉදිරිපත් කර තිබුණු අතර, සැකකරුට සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙසද අධිකරණය නියෝග කෙරුණි.
(මූලාශ්‍රය : ලංකාදීප)
සබැඳි පුවත් :
කතරගම දේවාල භාරකරුවෙක් CCDයට භාරවෙයි