කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශ කලේ සැකකරු, කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
එම මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති අතර, එම කරල් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් ලෙස සෞඛ්‍ය අංශ සදහන් කර ඇති බව පොලිසිය කිිියා සිටී.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.