පුවත්

කැලණිවැලි දුම්රිය මග වග සිට අවිස්සාවේල්ලට දින කිහිපයක් වසා දමයි

Published

on

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම, පුවක්පිටිය, රන්වල, අවිස්සාවේල්ල දක්වා කොටස නායයාම්, පාලම් කඩා වැටීම් හා ගංවතුර තත්ත්වයන් නිසා දින කිහිපයකට වසා දැමීමට තීරණය කළ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කැලණිවැලි දුම්රිය කොළඹ සිට වග දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

මේ අතර වග සිට දුම්රිය දෙකකුත්, පාදුක්කේ සිට දුම්රිය දෙකකුත් කොළඹ බලා ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය බලධාරීන් තමාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version