පුවත්

කුඩු විකුණන අයව ඉතුරු කරන්න එපා – ටිරාන් අලස්

Published

on

“මම දැනුත් කියනවා, කුඩු විකුණන අයව ඉතුරු කරන්න එපා…ඉතුරු කරන්න එපා කියන්නේ මරන්න කියන එක නෙවෙයි” යැයි වන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආන්දෝලනාත්මක හඬ පටයක් මේවන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ.

“වෙඩි කාලා මැරෙනන වෙයි පාතාලය එක්ක ගේම ඉල්ලූ ඇමති ටිරාන්ට මරණ තර්ජන හඬපටය එළියට” යන සිරස්තලය යටතේ මේ හඬපටය පිටකර ඇත්තේ Voice Tube යූටියුබ් නාලිකාවෙනි.

හඬපටය පහතින්.

මේ අතර, කොළඹ මෝදර ප්‍රදේශයේදී පෙරේදා (20) පස්වරුවේ පැවැති ප්‍රජා කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යට වී ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට තමා ඇමැති ධූරය දරන තුරු  සූදානම් නැතැයි ද ඔහු කියා සිටියේය.

කවුරු පහර දුන්නත් අඩියක් හෝ පස්සට යෑමට සූදානම් නැති බවද ඒ මහතා සඳහන් කළේය.

තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බව පැවසූ අමාත්‍යවරයා වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කළේය.

එවැනි තීරණයකින් පාතාලය සහ මත්කුඩු අවසන් නොකළහොත් මේ ප්‍රශ්නය කිසි දිනක විසඳිය නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Trending

Exit mobile version