ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ලව නම් කර තිබේ.
ඒ ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ය.
කුසල් ජනිත් පෙරේරා ශ්වසන ආබාධයකින් පෙළෙන අතර, ඔහු ඊයේ (29) බංග්ලාදේශය බලා පිටත් ව ගිය කණ්ඩායමට එක් නොවුණු බව වාර්තා වේ.