පුවත්

කොළඹ කුඩු ජාලය ගැන හෙළිදරව්වක් !

Published

on

කොළඹ ඇතුළුව ප්‍රධාන පෙළේ නගරවල සිදුවන අලුත්ම මත්ද්‍රව්‍ය ජාලයක් සම්බන්ධයෙන් මෙර දිනපතා පුවත්පතක් හෙළිකර තිබේ.

මෙය ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරුවේ සිට බවත්, මෙම ජාවාරම ක්‍රියාත්මක කරන්නේ මෑතකදී ඇප ලබා පැමිණි පාතාලයට සම්බන්ධ මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවකු විසින් බවද එහි දැක්වේ.

එසේම ඔහුගේ පුතුද මේ වනවිට සිංගප්පූරුවට පිටත් කර යවා ඇතැයි පැවසේ.

එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

“මෙකී පාතාල නායකයාද සිංගප්පූරුවට පැනීමට සූදානමින් සිටින බව මත්ද්‍රව්‍ය නාශක අංශවලටද තොරතුරු ලැබී තිබේ.
මෙම ජාවාරමුන් විසින් කොළඹ කේන්ද්‍ර කරගෙන අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් විකුණන ගෝලයන්ට දිනකට ලක්ෂ දහයක වෙළෙඳාමක් සඳහා රුපියල් පනස්දාහක කොමිස් මුදලක් ගෙවන බව හෙළිවී ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාලයෙන් දිනකට රුපියල් කෝටි තුනක පමණ වෙළෙඳාමක් සිදුවන බවත් එයින් ශුද්ධ ලාභය ලෙස රුපියල් කෝටියකට වඩා ජාවාරමුන්ට යන බවත් හෙළිවී පවති.

දෙමටගොඩ කාලිපුල්ලවත්තේ සහ මාලිගාවත්ත ඇල්බා ප්ලැට් කෙසෙල්වත්ත කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ගනුදෙනු සිදුවන බවත් හෙළිවෙමින් ඇත.

මෙතෙක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමුන් වැඩිපුරම කේන්ද්‍රගත වූයේ ඩුබායි සහ ඉන්දියාවේය. බහුතරයක් එම රටවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ අතර ලන්ඩනය ප්‍රංශය යන රටවල සිට තවත් ජාවාරමුන් දෙතුන් දෙනකු ක්‍රියත්මක විය. සිංගප්පූරුව කේන්ද්‍ර කරගෙන මෙවැනි ජාවාරමක් අනාවරණය වන්නේ පළමු වරටය.”

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version