පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට සෙනසුරාදා ජල කප්පාදුවක්

Published

on

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (මාර්තු 04) ප.ව. 2.00 සිට පැය 24 ක කාලයක් පුරාවට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව , කොළඹ 01 – 04 දක්වා සහ කොළඹ 07 – 11 දක්වා යන ප්‍රදේශවලට මෙන්ම කඩුවෙල, කොලොන්නාව නගර සභා ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ නඩත්තු කටයුතු වෙනුවෙන් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියි.

Trending

Exit mobile version