පුවත්

ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් (UPDATE)

Published

on

ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

එම අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාට ඉන් හානියක් සිදුවී නොමැත.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අවිශ්ක මල්ලි නැමැත්තාගේ පුංචිඅම්මාගේ පුත්‍රයා මෙලෙස වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවට පොලීසිය සැක කරයි.

ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකරන බවත්, ඉලක්ක වූ පුද්ගලයාට කිසිඳු අපරාධ චෝදනාවක් නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

(පෙර පුවත 2025 අප්‍රේල් 16 පෙ.ව. 9.15)


ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් ඉලක්ක කර ගත් පුද්ගලයාට හානියක් සිදුවී නැති බවය.

වෑන් රථයට පමණක් අලාභ හානි සිදුවී ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සබැඳි පුවත්

Trending

Exit mobile version