පුවත්

ග්‍රහලෝකාගාරය හෙට සිට මහජනයාට යළිත් විවෘත වේ

Published

on

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පසුගිය 27දා සිට අවලංගු කෙරුණු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන හා පාසැල් දර්ශන වාර හෙට (13) සිට යළි ඇරඹීමට නියමිතය.

ඒ අනුව, අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පාසැල් දර්ශන පෙ.ව. 10.00ට හා ප.ව. 2.00ට ද සෙනසුරාදා දිනයේදී මහජන දර්ශන එම වේලාවන් වලටද පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පාසැල් දර්ශන වෙන්කර ගැනීමට 0112586499 දුරකථනය මගින් විමසීම් සිදුකළ හැකි බව එහි වැඩිදුරටත් දැක්වේ. 

සබැඳි පුවත් :

ග්‍රහලෝකාගාරය හෙට සිට වැසෙයි

Trending

Exit mobile version