පුවත්

ග්‍රාමීය සංවර්ධනයට රජයෙන් බිලියන 20 ක්

Published

on

ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්‍යාපෘති රැසක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, එම වැඩ කටයුතු සඳහා රජය විසින් රුපියල් බිලියන 20.6ක මුදලක් වැය කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවය.

මේ හේතුවෙන්, හැකි තරම් නව කෘෂිකාර්මික ව්‍යාපෘති සකසන්නැයි අමාත්‍යවරයා විසින්  නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එම කෘෂිකාර්මික ව්‍යාපෘති ගම්මානවල ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීම, ඔවුන්ගේ යටිතලපහසුකම් සංවර්ධනය සහ නව කෘෂි තාක්ෂණය ඉලක්ක කර ගනිමින් සකසන ලෙසද මෙහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව සඳහන්ය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

Trending

Exit mobile version