පුවත්

කථිකාචාර්යවරියක් වට්ටා ග්‍රේරෝගේ ගෝලයෝ හා පොලිසිය වෙට්ටු දාලා

Published

on

පෙරේදා (14) පස්යාල පොඩි ඉස්කෝලේ ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරක් හිටපු අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගේ සගයන් පිරිසක් හා නිට්ටඹුව පොලිසිය විසින් යට ගැසීමට උත්සාහ ගණිමින් ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හාපිටිගම විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියක් වන 44 හැවිරිදි ඩබ්ලිව්. තෙන්නකෝන් නැමැත්තියකි.

මෙම අනතුරෙන් ඇගේ ඇඟිල්ලක් බිදී ගොස් ඇති අතර පාදයට තුවාල සිදුව කිහිප විටක් සිහිසුන්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ වන විට වතුපිටිවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇය මේ  දක්වාම විටින් විට වමනය දමමින් සිටින බවද වාර්තා වේ.

ඇය පෙරේදා (14) පස්වරු 12.45 ට පමණ මහනුවර සිට පානදුර දක්වා ගමන් ගත් අංක ND 8598 දරණ බස් රථයට පස්යාල හංදියෙන් ගොඩවී තිබේ.

ඇයට බස් රථයට ගොඩවී යාමට හැකිව ඇත්තේ මීටර් 100ක් පමණ දුරකි. 

අධික වේගයෙන් ගමන් ගත් එම බස් රථය පස්යාල පොඩි ඉස්කෝලය ආසන්නයේ ඊළඟ වංගුව වේගයෙන් ගන්නවාත් සමඟ ඇයව බසයෙන් එළියට විසිවී ගොස් බිම ඇත.

පසුව වටේ සිටි පිරිස් ඇයව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථය ඇය දමා සිය ගමන්වාරය අවසන්වන තෙක් ගමන් කර ඇතැයි ද පැවසේ.

මේ බස් රථය හිටපු අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝ මහතාට අයත් බව කියවෙන ලයිසිම් ආයතනය සතු එකක් වන අතර එම ආයතනයට සම්බන්ධ ප්‍රබලයන් විසින් නිට්ටඹුව පොලිසියට කරන ලද බලපෑම් මත අදාළ ගුරුවරියට නිට්ටඹුව පොලිසියේ ඇති පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස කිහිපවිටක් බලපෑම් කර ඇතැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Trending

Exit mobile version