පුවත්

චීනයෙන් ආ පාසැල් නිල ඇඳුම් රෙදි ප්‍රදානයේ අවසන් කොටසත් භාරදෙයි

Published

on

දිවයින පුරා සිටින දරුවන් 3,420,714 හට බෙදාදීමට චීනය විසින් පරිත්‍යාග කළ පාසැල් නිල ඇඳුම් රෙදි ප්‍රදානයේ අවසන් කොටසද කන්ටේනර් 44කින් මෙරටට පැමිණ ඇති අතර, එම තොගයද ඊයේ (08) දිනයේදී මෙරට අධ්‍යාපන අමාත්‍යංශය වෙතට භාරදී තිබේ.

අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති මෙම උත්සවයේදී මෙම රෙදි තොගය මෙරට සිටින චීන තානාපති – චී ජන්හොංග් මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතාට භාරදී ඇත.

මේ සමගම චීනය විසින් ලබාදුන් පාසැල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 09ක ප්‍රදානය සම්පූර්ණ වන අතර, එය මේ වසරේදී ලබාදීමට නියමිත පාසැල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 70%ක් සපුරයි.

Trending

Exit mobile version