පුවත්

චීන පර්යේෂණ නැවට ලංකාවට එන්න අවසර ලැබෙයි

Published

on

චීන නෞකාවක් වන ‘ෂී යෑන් 06’ පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී ඇති බවත්, එම  නෞකාව පැමිණෙන්නේ නාරා ආයතනය සමඟ පරීක්‍ෂණයක් පැවැත්වීමට බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය, නාරා ආයතනය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අවසර ඉල්ලා තිබූ බවත් එම ඉල්ලීම් පිළිබඳව අවදානකය යොමු කර අදාළ නෞකාවට අවසර දුන් බවත් එම අමාත්‍යංශය කියයි.

මෙම නෞකාව ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ද වාර්තා වේ.

සබැඳි පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති කඩිමුඩියේ ලංකාවට 

ඔක්තෝබරයේ එන චීන නැවක් ගැන ඉන්දියාව සීරුවෙන්!

Trending

Exit mobile version