අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයේදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබේ.
ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුව එය විනාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
අදාළ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයේ ගුවන් තොටුපළ තුනක් වසා දැමීමට සිදු වූ බව ද, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මිසයිල ප්‍රහාරය දියත් කිරීම සඳහා F 22 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවක් යොදාගත් බව එරට අරක්ෂක අංශ සඳහන් කර තිබේ.
විනාශ වූ බැලුනයේ සුන්බුන්,අසළ පිහිටි මුහුදට පතිත වී ඇති අතර කිලෝමීටර් 11ක් පුරා පැතිරුනු සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවද පැවසේ.