ඡන්ද නීති රීති කඩ කරන ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලීසිය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව ක්රියා කිරීමට පොලීසිය තීරණය කර ඇති බව පැවසේ.
පොලිස් ඇප ලබාදීම හරහා යම් ආකාරයකින් පක්ෂග්රාහී වීම් සිදුවෙතැයි යන ගැටලු මඟහැර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව මේ තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.
විශේෂයෙන් ඡන්ද නීතී රීති උල්ලංඝණය කරන අය සඳහා දැඩි දඬුවම් දීමට පොලීසිය තීරණය කර ඇති බවද පැවසේ.