මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට අදාළ මැතිසබා යෝජනාව අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙනු ඇතැයි රජයේ ආරච්චි මාර්ග වලින් වාර්තා වේ.
මෙයට පෙර ජනක රත්නායක මහතාට මුදල් අමාත්‍යංශය මගින් පිටු දෙකකින් සමන්විත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබිණි.
ඊට පිළිතුරු ලෙස තමන් පිටු 25 කින් සමන්විත පිළිතුරු පත්‍රයක් ලබාදුන් බව රත්නායක මහතා පසුව මාධ්‍යයට පැවසීය.
ඔහුට එල්ල වූ චෝදනා සහ ඔහු ඉදිරිපත් කළ පිළිතුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම මුදල් අමාත්‍යංශයේ වගකීමය.
එසේ වුවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මැතිසබයට ඉදිරිපත් කෙරෙන යෝජනාව මන්ත්‍රීන් 113 දෙනකුගේ බහුතර ඡන්දයෙන් සම්මත විය යුතුය.
මේ අතර, ඩොලරය අවප්‍රමාණයවීම, ඉන්ධන මිල පහළයාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලිය නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලි බිල සියයට තිහකින් අඩුකළ යුතු බව පෙන්වාදෙමින් රත්නායක මහතා ඊයේ (04) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය.
සබැඳි පුවත්
විදුලි බිල අඩුකරන්නැයි PUCSL දැනුම්දෙයි