ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සිට ලබන ඉරිදා (07) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරතවීමට නියමිතය.
මෙම සංචාරයේදී යාපනයේ දී ජනපතිවරයා සිවිල් සංවිධාන නියෝජිතයන්,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර සහ දූපත්වාසී ජනතාව,තරුණ ප්‍රජාව,වෘත්තිකයන් හා ගුරුවරුන් හමුවන අතර මහජන හමුවකට ද සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ හා වවුනියාවේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් ද පැවැත්වීමට නියමිතව ඇත.
ලබන 05 වෙනිදා පුනරීන් නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර පුනරීන් හි කාන්තා ව්‍යවසායක කජු කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීම ද එදීන සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම සංචාරය සඳහා ජල සම්පාදන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා,එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරු ප්‍රමුඛ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද සහභාගීවීමට නියමිත බව පැවසේ.