පුවත්

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමේ මතය

Published

on

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අයවැයෙන් ඉල්ලා තිබූ බිලියන 10ක මුදල ලැබී ඇති බැවින් මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව ද මැතිවරණ කොමිසම පවසයි.

කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණයට අදාළ කඩදාසි සම්බන්ධයෙන් ද මෙතෙක් ගැටළුවක් නොමැති බවය.

එමෙන්ම මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට අදාල ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ දිනය දැනුම් දෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටී..

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා සිටියේ, මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බවය.

ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බවද ඔහු සඳහන් කලේය.

Trending

Exit mobile version