පුවත්

ජපන් අගමැති ඉන්දිවට ආ ගමන් ලංකාවටත්

Published

on

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එක්දින නිල සංචාරයක් සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නවදිල්ලියේ පැවැත්වෙන ජී. 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දියාවට පැමිණෙන ජපාන අග්‍රාමාත්‍යවරයා අනතුරුව ශ්‍රී ලංකාවටද පැමිණෙනු ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාර හවුල්කරුවකු වන ජපාන නායකයා මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අනාගත ආයෝජන අවස්ථා ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බලධරයන් සමඟ සාකච්ඡා කිරීමට මෙසේ පැමිණනෙ බව වාර්තා වේ.

Trending

Exit mobile version