ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ය.
ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකරු පැවසුවේ ඔහු සමග 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණි බවයි.
ජපාන ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකමී මනබූ, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා යන මහත්වරුන් ද ඊට ඇතුළත් ය.
මෙම පිරිස පිළිගනු ලැබුවේ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් ය.
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා රටවල් 06 ක නිල සංචාරයකින් අනතුරුව මෙලෙස දිවයිනට පැමිණ තිබේ.
ඔහු මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතය.