පුවත්

ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක් ඇතැයි අනුර කියූ බව BBCය හෙළිකරයි!

Published

on

ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) විශේෂ වාර්තාවක් පළ කර තිබේ. 

ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂයේදී ජනාධිපතිවරයා මෙම හෙළිදරව්ව කළ බවද එහි සඳහන් වේ.

එම තර්ජන දෙක උතුරේ සන්නද්ධ කණ්ඩායම් කිහිපයකින් සහ මඩකලපුවේ සන්නද්ධ කණ්ඩායමකින් එල්ලවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ පසුපස සැලසුම්සහගත කුමන්ත්‍රණයක් පවතින්නේ යැයි ආරක්ෂක බුද්ධි අංශ හඳුනාගෙන තිබෙන වගද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේවා පාලනයට පවත්නා නීති රීති ප්‍රමාණවත් නොවේ නම් අලුත් නීති ගෙන ඒමට සිදුවන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.

Trending

Exit mobile version