පුවත්

ටියුෂන් පන්තියේ මත විමසුමට සර්ලා අත්අඩංගුවට!

Published

on

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මත විමසමින් ඡන්ද පවත්වා ඒවා අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී.

සැකකාර උපකාරක පන්ති ගුරුවරුන්, මැතිවරණය සම්බන්ධයෙන් අයුතු බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

එවැනි සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කිරීමට ජනතාවට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේ ය. 

Trending

Exit mobile version