කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බව පෙන්වාදෙන රාජ්‍ය ඇමතිවරිය මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වී ඇති බවත් පෙන්වා දී තිබුණි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.