පුවත්

ඩයනා ඉදිරිපත් කළ පෙත්සම කල් යයි

Published

on

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක්  ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය  ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින නියම කළේය.

අද (10) දිනයේ  මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින්  අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

අදාළ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Trending

Exit mobile version