ඩීසල් හා භූමිතෙල්වලින් රජය තවමත් පාඩු ලබන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි.
මේ බව අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසිය.
ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 12ක සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 22ක් රජය පාඩු ලබන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ලෝක වෙළඳපොළේ බොර තෙල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක වුවත් මිල වැඩි කිරීමක් සිදු නොකර පාරිභෝගිකයින්ට ඉන්ධන ලබා දෙන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, යම් ලාබයක් තිබුණේ නම්, ජනතාවට එය ලබා දීමට කටයුතු කරන බවයි.