අඩි 5 ක් පමණ දිග ඩොල්ෆින් මත්සයෙකු සහ කිලෝ 20 කට ආසන්න බරකින් යුතු මියගිය කැස්බෑවෙකු අද (15) වස්කඩුව මුහුදු වෙරළට ගොඩගසා තිබූ බව කළුතර උතුර පොලිසිය පවසයි.
ඩොල්ෆින් මත්ස්‍යයාගේ පිට වරලක සහ ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල දැකගත හැකිවූ අතර, කැස්බෑ සිරුරේ බාහිර තුවාල දක්නට නොලැබිණි.
පුද්ගලයෙකු වෙරලේ පාවෙමින් සිටී ඩොල්ෆින් මත්ස්‍යයා දැක මුහුදට යොමුකර ඇති අතර , නැවත ගොඩබිමට පැමිණීම හේතුවෙන් ගොඩගෙන වතුර භාජනයක දමා කළුතර උතුර පොලිසිය දැනුවත් කර තිබේ.
ඉන්පසු අත්තිඩිය වනජිවි නිළධාරින් පැමිණ ඩොල්ෆින් මත්සයා වනජීවී රෝහල වෙත රැගෙන ගොස් තිබෙයි.