පුවත්

තල් කර්මාන්තය ගැන පොතක් ජනපතිට පිළිගන්වයි

Published

on

මෙරට තල් කර්මාන්තය පිළිබඳ මාර්ගෝපදේශක ග්‍රන්ථයක් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති – ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා සහ එහි සාමාන්‍යාධිකාරී – එස්. ශ්‍රීවිජේන්ද්‍රන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා පිළිගන්වන ලදී.

මෙම ග්‍රන්ථය පසුගිය සතියේ පැවති උත්සවයකදී එළිදැක්වුණි. 

‘Unravelling the magic of Palmyrah’ ලෙස නම් කර ඇති මෙම ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවයට ජනාධිපති ලේකම් – සමන් ඒකනායක මහතා, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක – සමන් රත්නප්‍රිය මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන – පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී විය.

මෙය, තල් කර්මාන්තයේ නිෂ්පාදන වල නිරත වන ව්‍යවසායකයන් හට ඉතා වටිනා මාර්ගෝපදේශක ග්‍රන්ථයක් වනු ඇති බව තල් සංවර්ධන මණ්ඩලය පවසා සිටියි.

Trending

Exit mobile version