පුවත්

තිළිණි බච්චන්වත් බිස්නස් එකේ පටලවාගන්න හදලා !

Published

on

ඉන්දීය ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් මෙරටට ගෙන්වා දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේලා රවටා ලබාගත් රුපියල් කෝටි ගණනක් වැය කරමින් එම ප්‍රසංගය කොළඹ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින අතරතුරදී බවද පැවසේ.

ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිවරා ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ එම ප්‍රසංගය නැරඹීම සඳහා දේශපාලනඥයින් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකට ආරාධනා කිරීමට ද සැලසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ.

තිලිණි ප්‍රියමාලිට අයත් තිකෝ චිත්‍රපටි සමාගම විසින් “මායාජාල” නමැති චිත්‍රපටියේ මුහුරත් උළෙල ඉකුත් මාර්තු 19 වැනිදා කොළඹ ෂැංගිලා හෝටලයේ දී පවත්වා තිබූ අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 350 කට අධික මුදලක් වැය කර තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වූ දැවන්තම මුහුරත් උළෙල ලෙසට සැලකෙන, මායාජාල චිත්‍රපටියේ මුහුරත් උළෙල සඳහා ඉන්දීය ජනප්‍රිය නිළි මෝනි රෝයි (ශිවන්‍යා) ඇතුළු නළු නිළි පිරිසක් සහ මැති ඇමැති පිරිසක් ද සහභාගි වී සිටියේය.

එම මුහුරත් උළලේ දී ලබාගත් ප්‍රසිද්ධිය පාදක කරගනිමින් තිලිණි ප්‍රියමාලි සිය වංචාවන් වේගවත් කර ඇතැයි ද දැනට කෙරෙන විමර්ෂණයේ දී අනාවරණය වී තිබේ.

Trending

Exit mobile version