මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලිව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඇයව අද (13) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
කෙසේවෙතත් ඇගේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන නමැත්තිය ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.